ගල් අඟුරු නැව් තුනක් දිවයිනට පැමිණේ

ගල් අඟුරු මෙට්‍රික් ටොන් 180,000 ක් රැගත් නෞකා 03 ක් මේ වන විට දිවයිනට ළඟා වී ඇති බව වාර්තාවේ .

ඒ අනුව තමන් ඇනැවුම් කරන ලද ගල් අඟුරු නෞකා 30 න් 19 ක් මේවන විට දිවයිනට ලඟාවී ඇති බව ලංකා කෝල් සමාගමේ ප්‍රකශකයෙක් පැවසීය. අදාළ නෞකා තුනෙන් පමණක් රැගෙනවිත් ඇති ගල් අඟුරු තොගය මෙට්‍රික් ටොන් 180,000ක්.

ඊට අමතරව තවත් ගල් අඟුරු නෞකා 03ක් මේ වන විට දිවයින බලා යාත්‍රා කරමින් පවතින බවයි ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර පැවසීය.

බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට අවශ්‍ය කෙරෙන ගල් අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7500 කි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *