කොළඹ ඩෙංගු මර්දනයට දෙසතියක විශේෂ වැඩසටහනක්

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට සති දෙකක කාලයක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාවට නැංවීමට නියමිතව තිබේ.

වර්ෂා සමයේ හේතුවෙන් ඩෙංගු මදුරු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර, ඩෙංගු රෝගීන් ගේ ද වැඩිවීමක් රෝහල් තුළ දක්නට ලැබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි ප්‍රකාශ කළේ මැයි මස 26 වනදා දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *