කොළඹට පැය 10ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (04) පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, අද පස්වරු 07 සිට හෙට (05) පෙරවරු 05 දක්වා කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීම සිදු වනු ඇත.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් කනගාටුව පළකරන බව ද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *