කොස්ගොඩ අභිරහස් මරණයක්

කොස්ගොඩ පොලිස් වසමේ මහඉඳුරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අතුරුදන් බවට ලද පැමිණිල්ලක් මත කොස්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව අතුරුදන් වූ පුද්ගලයාගේ යතුරුපැදිය පසුගිය දා ගලගම ඇළ මාර්ගයට යාබඳ වෙල් යායක් ආසන්නයේ තිබී සොයා ගෙන ඇත.

අතුරුදන් වූ අයගේ ඥාතියෙකු ඇතුළ පිරිසක් ඊයේ (02) අතුරුවැල්ල ආසන්නයේ ඇළ මාර්ගයක ඔරුවකින් ගමන් කරමින් අතුරුදන් වූ අය පිළිබඳ සොයා බැලීමේ දී මෝය අසල මෘත ශරීරයක් තිබී ඒ පිළිබඳ පොලීසිය වෙත දැනුම්දී තිබේ.

ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර බවට එම මෘත දේහය හඳුනාගෙන ඇත.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 69ක් වු මහඉඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *