කොවිඩි හැදුවේ චීනයයි – FBI ප්‍රධානියා කියයි

කොවිඩ් – 19 බොහෝ දුරට චීන රජය පාලන කරන රසායනාගාරයකින් නිර්මාණය කර ඇති බවට තම කාර්යංශය විශ්වාස කරන බව FBI අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වේ Fox News වෙත පවසා තිබේ.

එමෙන්ම කොවිඩ් වසංගතයේ මූලාරම්භය බොහෝ දුරට චීනයේ රසායනගාර පරීක්ෂණයක ප්‍රතිඵලයක් බවට කාලයක් තිස්සේ තමන් තක්සේරු කර ඇති බව ද එහි දී FBI අධ්‍යක්ෂ පවසා තිබේ අතර කොවිඩ් වසංගතයේ මූලාරම්භය සම්බන්ධයෙන් FBI හි ස්ථාවරය ප්‍රසිද්ධියට පත් කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

එසේ ම FBI හි ස්ථාවරය පළ කිරීමත් සමග චීනය සහ ඇමෙරිකාව අතර නිර්මාණය වෙමින් පවතින රාජ්‍ය තාන්ත්‍රික නොසන්සුන්තාවය නැවත වරකින් උණුසුම් වනු ඇති බවට ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් සැක පළ කර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *