කොරියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ළඟදීම

කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන්ගමන් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

තවත් කෙටිකලක් ඇතුළත එම ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය

විශේෂයෙන්ම දකුණු කොරියාවේ රැකියා සඳහා යන පිරිස් එරටට රැගෙන යාමට යොදවා ඇති ගුවන්යානා දිගින් දිගටම පමාවීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව ඔහු පැවසීය.

දකුණු කොරියාව – ශ්‍රී ලංකා ඍජු ගුවන් ගමන් අරඹන තෙක් සිංගප්පුරුව හරහා එම පිරිස් දකුණු කොරියාවට යැවීමට සැලසුම් කරන බවද අමාත්‍යවරයා කීය‍යි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *