කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් අලුත්ම ගැසට්ටුවක්

‍ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් නිකුත් කර තිබේ.

ඒ අනුව පසුගිය 28 වන දින වනවිට පවතින කොටස් හෝ සුරැකුම්පත් පරිවර්තනය හෝ හුවමාරු කිරීමට හිමිකරුවන්ට අවස්ථාව ලබා දීමට නියමිත අතර පසුගිය 28 වනදා අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම භාණ්ඩාර බැදුම්කර සඳහා පොලී ගෙවීම සහ පරිවර්තනය හෝ හුවමාරු කිරීම සඳහා වන ක්‍රමවේදය සකස් කිරීමට අමාත්‍යංශ ලේකම්ට සහ රාජ්‍ය ණය අධිකාරිය වෙත බලය පවරා තිබේ.

භාණ්ඩාර බැඳුම්කර සකස් කිරීමේදී සහ නිකුත් කිරීමේදී දරන ලද ඕනෑම වියදමක් ගෙවීම සඳහා භාණ්ඩාගාර සකස් කිරීම සහ නිකුත් කිරීමේ බලය ද අදාළ නිලධාරින් වෙත පවරා ඇති බව ද එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් අන්තර්ගත වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *