කුඩු අංජු ප්‍රංශයේදී නිදහස් කළ සතුටට ලංකාවේ රතිඤ්ඤා දැල්වූ හතරක් අත් අඩංගුවට

ප්‍රංශයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කුප්‍රකට පාතාල නායක සිංහරාගේ සමින්ද සිල්වා හෙවත් කුඩු අංජු ප්‍රංශ අධිකරණයේ නියෝග මත නිදහස් කර ඇතිබව වාර්තාවේ .

දෙහිවල – ගල්කිස්ස මහ නගර සභා මන්ත්‍රී රන්ජන් ද සිල්වා ඝාතනය, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ බවට අවශ්‍යව සිටි ‘කුඩු අංජු’ අප්‍රේල් මාසයේදී ප්‍රංශයේදී අත්අඩංගුවට ගන්නා ලදි . ප්‍රංශයේ සිට මෙරට මත් ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවූ ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියද රතු නිවේදනයක් නිකුත් කර තිබුණි.

මේ අතර, කුඩු අංජු නිදහස් කිරීම සැමරීමට ශ්‍රී ලංකාවේ මත්පැන් සාදයක් පවත්ව ඇති බවත්, එහිදී රතිඤ්ඤා දැල්වූ සිව් දෙනෙකු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තාවේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *