කැනඩා අගමැතිගේ ප්‍රකාශය අලි සබ්‍රී ප්‍රතික්ෂේප කරයි.

කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් විදේශ අමාත්‍ය අලි සබ්රි විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබේ.

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ජන සංහාරයක් පිළිබඳව ශ්‍රී ලංකාවට සිදු කළ චෝදනා සම්බන්ධව නිළ වශයෙන් විරෝධය පල කිරීමට මෙම කැඳවීම කර ඇති බව වාර්ත වේ.
කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මැයි 18 වනදා නිකුත් කළ ප්‍රකාශය මුළුමනින්ම හෙළා දකිනා බවත්, ශ්‍රි ලංකාව එය ප්‍රතික්ෂේප කරනා බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා
එහිදී පවසා ඇත.

දේශපාලන නැඹුරුවක් සහිත මෙම ප්‍රකාශය මතභේදාත්මක ප්‍රකාශයක් බවත්, එය කැනඩාවේ අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතා සඳහා නිකුත් කළ එකක් බවත් අමාත්‍ය සබ්රි මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත. එල්ටීටීඊ සංවිධානය දශක තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙහෙයවූ ත්‍රස්තවාදී යුද ගැටුම මධ්‍යයේ සිදු වූවා යැයි කියන ‘ජන සංහාරය’ පිළිබඳ ඉදිරිපත්ව ඇති මෙම පදනම් විරහිත චෝදනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරනා බව විදේශකටයුතු අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *