කාර්යාංශයට හොරෙන් රටගිය කාන්තාවන්ට සුරක්ෂා නිවස වැසේ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ ගතව සේවා ස්ථානයන්හි ගැටලුවලට මුහුණදී තානාපති කාර්යාලවලට පැමි‍ණෙන කාන්තාවන් සුරක්ෂා නිවාස වෙත භාරගැනීම අත්හිටුවීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර ඇත්තේ, එම තීරණය අප්‍රේල් මස 1 වනදා සිටි ක්‍රියාත්මක බවය.

එම සුරක්ෂා නිවාස ස්ථාපිත කර ඇත්තේ නීත්‍යානුකූල රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් වෙනුවෙන් පමණක් වන නමුත් මේ දක්වාම කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශගතවු කාන්තාවන් වෙතටද සුරක්ෂා නිවාසවලින් අවශ්‍ය සියලු සුභසාධන පහසුකම් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබේ.

කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ ගතවන කාන්තාවන් සුරක්ෂා නිවාසයට පැමිණෙන අවස්ථාවලදී ඔවුන් විවිධ ගැටුම්කාරී තත්ත්වයන් ඇති කර ගන්නා අතර එම ගැටුම් පාලනය කිරීමට පොලිසියේ සහාය ලබාගැනීමට සිදු ව ඇති බැවින් එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විවිධ නීත්‍යානුකූල නොවන මාර්ගවලින් රැකියා සඳහා විදේශ ගතව සේවා ස්ථානයන්හි ගැටලුවලට මුහුණදී තානාපති කාර්යාලවලට පැමි‍ණෙන කාන්තාවන් සුරක්ෂා නිවාස වෙත භාරගැනීම අත්හිටුවීමට කාර්යාංශය තීරණය කර ඇත

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *