කාන්තාවන් දැනගත යුතුම කරුණක්

වයස අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන්ට ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය සියළුම පහසුකම් ඔවුනගේ ගම් ප්‍රදේශයේ සුවනාරී සායන සතු බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පත්මක ද සිල්වා පවසයි . ඔහු මේ බව පැවසූවේ කාන්තාවන්ට වැළඳෙන පිළිකා සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (16) පැවති මාධ්‍ය හමුව අමතමිනි.

කාන්තාවන් අතර බහුලවම දැකිය හැකි පිළිකා වර්ග ලෙස ගැබ්ගෙල, පියයුරු සහ ආහාර මාර්ගයේ පිළිකා දැක්විය හැකි බව ඔහු පැවසීය . ලිංගික වශයෙන් සක්‍රීය අවුරුදු 35ත් 45ත් අතර කාන්තාවන් සුවනාරී සායනවලට සහභාගී විම මගින් ගැබ්ගෙළ පිළිකා අවධානම කල්තබා හඳුනාගත හැකි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

සිය මාසික ඔසප්වීම අවසන්වී 07 වන හෝ 10 වන දවසේ වගේ සියලුම කාන්තාවන්ට පියයුරු ස්වයං පරීක්ෂාවක් සිදුකර ගත හැකිබවත්, එමගින් පියයුරු පිළිකාව කල්තබා හඳුනාගත හැකිබවත් පැවසූ වෛද්‍ය පත්මක ද සිල්වා ගම් මට්ටමේ සායනයට සහභාගි වීමේ වැදගත් කම පෙන්වදුන්නේය.

ගමේ සායනයේදී ඊට සහභාගීවන කාන්තවන්ගේ පෞද්ගලිකත්වයට සහ රහස්‍ය භාවයට කිසිඳු හානියක් සිදුවනා බව ඔහු අවධාරණය කළේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *