කාදිනල් හිමිගේ පෙත්සමක් සලකා බැලීමට තීරණයක්

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනුකළ රිට් පෙත්සම සලකාබැලීම සඳහා අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම විසින් නිකුත්කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

එම පෙත්සම අද (27) කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ ලේඛන ගොනුකරන ලෙස අධිකරණය විසින් පාර්ශවකරුවන්ට නියම කළ අතර අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මැයි 09 වනදා කැඳවන ලෙස නියෝග කර ඇති බවයි සඳහන් වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *