කාදිනල් ගැන හකීම් බොරුවක් කියලා

පාස්කු ප්‍රහාරය පසුපස ඊශ්‍රායලය සිටින බවට කාදිනල් හිමිපාණන් විසින් තමන්ට පැවසූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පාර්ලිමේන්තුවේ කර ඇතැයි කියන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පැවසීය.

මේ දිනවල කාදිනල් හිමිපාණන් වතිකානුවේ සංචාරයක නිරත වන බව කී පියතුමා මෙම ප්‍රකාශය දුටු සැණින් උන්වහන්සේ තමන්ට ඇමතුමක් දී මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ලෙස දැනුම් දුන් බවද කියා සිටියේය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකිම් මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී නිවැරදි කළ යුතු බවද උන්වහන්සේ කියා සිටියහ.

අද පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා මේ බව පැවසීය

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *