ක්‍රීඩා ඇමතිගේ පෙත්සම විභාග කිරීමෙන් අභියාචනාධිකරණයේ සභාපතිවරයා ඉවත් වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව අත් හිටවමින් අභියාචනා අධිකරණය ලබදුන් අතුරු තහනම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඊයේ දිනයෙදී මෝසමක් ගොනුකළේය . එම මෝසම අද විභාගයට ගැනීමට නියමිත අතර එම නීති කෘත්‍යයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ඉවත් වීමට තීරණය කර ඇතිබව වාර්තා වෙයි

මෙම මෝසම විභාග කිරීමේදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ කේ. කනගෙෂ්වරන්ගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් පෙනී සිටීමට නියමිතය. තමාට තව දුරටත් නීතිපතිවරයා විශ්වස නොකරන බවත්, පෞද්ගලික නීතීඥයෙක් මාර්ගයෙන් අධිකරණය හමුවට යන බවත් ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *