ක්‍රීඩා ඇමතිගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා හෙළි කිරීමෙන් පසු ඔහුගේ ජීවිතයට විවිධ තර්ජන එල්ල වෙමින් පවතින හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන ලෙස බුද්ධි අංශ රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

තමාට විවිධ තර්ජන ඇති බව රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී පෙරේදා පැවසීය.

ඔහුගේ ගමන් බෑගයට ඩුබායිහිදී මත්ද්‍රව්‍ය පාර්සලක් දැමීමට දරු උත්සාහයක් ගැනද ඔහු එහිදී හෙළි කළේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *