ක්‍රිකට් තහනම ගැන 21 වනදාට තවත් තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පනවා ඇති තාවකාලික තහනම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමර්ග නොවැම්බර් 21 වැනි දා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ රැස්වීමේ දී තිරණය කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන රැස්වීම නොවැම්බර් 18 සිට 21 දක්වා අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිත අතර, 21 වැනි දා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීමට පැවැත්විමට නියමිතය.

ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා ඇත්තේ ශ්‍රී ලාංකා ක්‍රිකට් හි ක්‍රියාකාරීවයට සහ එහි පාලනයට රජය මැදිහත් නොවන බව තහවුරු විය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කරුණු සොයා බලන බව ද එම කවුන්සිලය කියයි.

ශ්‍රී ලංකාවට තාවකාලික ක්‍රිකට් තහනමක් ඊයේ (10) සිට පනවා ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *