කළුතර දැරියගේ මරණ පිළිබඳ පරීක්ෂණ සී.අයි.ඩි යට

කළුතර ලගුම්හළකදී මියගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න කටයුතු කර ඇත. එම පරීක්ෂණ කටයුතු බාර ගන්න ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ ප්‍රධානි, නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ වෙත ලිඛිතව දැනුම් දීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

ඊට මුල් වී ඇත්තේ මේ මරණය සම්බන්ධ විමර්ශන පුළුල් සහ විනිවිද භාවයෙන් යුක්තව සිදු කිරීමේ අවශ්‍යතාවක් මේ වන විට පැන නැඟී ඇති බැවින් බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි. මේ මරණය හා සම්බන්ධ මෙතෙක් විමර්ශනයට ලක් නොවූ පැතිකඩ කිහිපයක් විමර්ශන ආරම්භ කිරීමට පොලිස්පතිවරයා අපරාධ පරික්සණ දෙපර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *