එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ඩොලර් මිලියන 250 ක් අල්ලසක් ගත් බව කී චාමර ගුණසේකර අධිකරණයට

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාල වන්දි නඩුව පමා කිරීම සඳහා ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබාගත් චාමර ගුණසේකර යනු හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ මංජු නිශ්ශංක විය හැකි බව එංගලන්තයේ සිට ප්‍රකාශයට පත්කරනා ලංකා ඊනිවුස් වෙබ් අඩවිය පුවතක් පලකරනා ලදි.

එම පුවත මුළුමනින්ම සාවධ්‍ය බවත්, ඒ පිළිබඳ අධිකරණ ක්‍රියා මාර්ග ගැණීමට චාමර ගුණසේකර එක්සත් රාජධානියට පමිණ සිටිනා බවත් ගෝලීය ශ්‍රී ලංකා කොන්ග්‍රසය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ( එම නිවේදනය පහත පලවේ)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් අධිකරණ අමාත්‍ය විජෙදාස රාජපක්ෂ පැවසූවේ චාමර ගුණසේකර නම් අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 250 ක මුදලක් අල්ලසක් ලබාගෙන ඇති බවය

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *