උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ විභාගය මාර්තු 25

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණ විභාගය මාර්තු 25 වන දින පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

එය සැලසුම් කර දීපව්‍යාප්ත මධ්‍යස්ථාන 341කදී පැවැත්වෙන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත.

එමෙන්ම එම පරීක්ෂණයේ විභාග අපේක්ෂකයන් සඳහා ප්‍රවේශ පත්‍ර යැවීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු මේ වනවිට යොදා ඇති බව වාර්තා වේ.

පරීක්ෂණයේ ප්‍රතිඵල මත ජාතික සහ පළාත් පාසල්වල හිඟ ගුරු පුරප්පාඩු සඳහා අවශ්‍ය උපාධිධාරීන් ගණනය කර එම පුරප්පාඩු මත බඳවාගැනීම් සිදුකරනු ලැබේන අතර ඉන්පසු ඇති වන පුරප්පාඩු සඳහා පළාත් සභා මගින් වාර්ෂිකව උපාධිධාරීන් පළාත් පදනමින් බඳවා ගන්නා ක්‍රමවේදය අනුව බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *