ඊශ්‍රායලය පලස්තීන සරණාගත කඳවුරක් වටලා පහර දෙයි.

ඊශ්‍රායල හමුදා විසින් අල්ලාගෙන සිටින බටහිර ඉවුරේ පිහිටි ජෙනින් සරණාගත කඳවුරට වැටලීමකදී අවම වශයෙන් එක් පලස්තීන ජාතිකයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

අල් ජසීරා අරාබි පුවත්පතට අනුව, ජෙනින් ප්‍රදේශය ඉලක්ක කර සිදුකරනා ලද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් තවත් ජීවිත හානි ගණනාවක් සිදු විය.

අල් ජසීරා මාධ්‍ය ජාලය විසින් සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝ පටයක ජෙනීන් හී වීථියක සටන් දැක ගත හැකි අතර එහි පසුබිමෙන් වෙඩි හඬ පැහැඳිළිවම ඇසේ. ඊශ්‍රායල හමුදා වැටලීමක් සිදු කිරීමත් සමඟ බටහිර ඉවුරේ අවම වශයෙන් ප්‍රදේශ දෙකක විදුලිය විසන්ධි වී ඇති බව වාර්තවේ

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *