ඉම්රාන් ඛාන් නිසා පකිස්තානය යුධ පිටියක් වෙයි

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට ඉස්ලාමාබාද් පොලීසිය දෙවන වරටත් අපොහොසත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, ඉම්රාන් ඛාන් නායකත්වය දරණ PTI පක්ෂයේ ආධාරකරුවන් එය වැළැක්වීම හමුවේය.

අධිකරණ නියෝගයක් මත ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවෙසට ගිය ලාහෝර් නුවර පොලිස් නිලධාරීන් සහ ඉම්රාන්ගේ පාක්ෂිකයන් අතර පෙරේදා රාත්‍රියේ දී ආරම්භ වූ ගැටුම් තවදුරටත් උත්සන්න වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමට අධිකරණය ඇප ලබා නොදිය හැකි වරෙන්තු දෙකක්ම නිකුත් කර ඇති අතර, මේ අවස්ථා දෙකේදීම ඔහු අත්අඩංගුවට ගැනීමට ඉම්රාන්ගේ පාක්ෂිකයන් පොලිසියට ඉඩදී නැත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *