ඉන්දීය මුදල් අමාත්‍යවරිය මහනුවර සංචාරයක

ජත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා පෙනී සිටීමෙන් ඉන්දීය රජය දක්වන සහය අගය කරන බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මහානාහිමියෝ පැවසූහ. උන්වහසේ මේ බව පැවසූවේ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මල්වතු මහා විහාරයට පැමිණි අවස්ථාවේදීය.

අනතුරුව ඉන්දීය මුදල් අමාත්‍යවරිය අස්ගිරි මහා විහාරයට පැමිණ, අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තාය . ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ඉන්දීය රජය දක්වන සහය අගය කරන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවේ අස්ගිරි නාහිමියෝ සඳහන් කළහ.

සිය තෙදින නිල සංචාරය අරඹමින් මහනුවරට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍යවරිය අනතුරුව ශ්‍රී දළදා මාලිගාවට පැමිණියාය. එහිදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් පිච්ච මල් වට්ටියක් ලබාදී ඇය පිළීගන්නා ලදි. අනතුරුව දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත් අමාත්‍යවරිය විශේෂ අමුත්තන්ගේ සමරු පොතේ සටහනක්ද තැබුවාය . එහිදී ඉන්දීය විදේශ සිය සංචාරය සනිටුහන් කරමින් දියවඩන නිලමේවරයා හා තිළිණ හුවමාරු කර ගත්තාය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ , මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය අතීරා.එස්, මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් එස්.සෝමරාජ් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

නදීක දයා බණ්ඩාර
මහනුවර සිට.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *