ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නළ මාර්ගයකින් යා කරන්නට I.O.C සැරසේ

ඉන්ධන පිරවුම් හල් 225ක් දැනට ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන ඉන්දීය තෙල් සමාගම ඉදිරියේදී එම සංඛ්‍යාව තවත් ඉහළ දැමීමට බලාපොරොත්තු වෙයි. ඒ අනුව ඉන්දියාවේ සිට මෙරටට තෙල් ගෙන ඒමට සාගර නළ මාර්ගයක් ඉදි කිරීමට එම සමාගම බලාපොරොත්තු වෙන බව වාර්තාවෙයි.

මීට අදාල මූලික ශක්‍යතා අධ්‍යන නිමව ඇති බවත්, නෞකා මගින් ඉන්ධන ගෙන එනවාට වඩා නව ක්‍රමය ලාභ දායි බව එහිදී තහවුරුව ඇති බවත් පැවසේ. මේ වන විටත් නළ මාර්ගය ඉදිකිරීම පිළිබඳ දෙරටේ නිලධාරීන් අතර සාකච්චා ආරම්භ වී ඇති බවද වාර්තා වේ.

ඉදිරියේදී ඉන්දියව විසින් ත්‍රිකුණාමළයේ ඉදි කිරිමට යෝජිත පිරිපහදුව සඳහාද යොදාගැනීමට හැකිවන පරිදි මෙම නල මාර්ගය කිරීමට නියමිතය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *