ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් සහාය දක්වන බව ඉන්දියාව පවසයි.

ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ මහ කොමසරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර ඊයේ (21) පස්වරුවේ සිදුවූ හමුවේදී මේ පිළිබඳව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවට ඉන්දීය ආයෝජිකයින් ආකර්ශනය කර ගැනීම, දිවිපාර්ශවික වෙ‍ළෙඳාම වැඩිදියුණූ කිරීම , ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීම ඉහළ නංවා ගැනීම ආදී ක්‍රියාමර්ග කෙරෙහි අවධානය යොමුව ඇති බවත් දෙරට අතර ද්විපාර්ශවික වෙළෙඳාම ඉන්දීය රුපියල් මඟින් සිදුකිරීම පිළිබඳවඳ එහිදී අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *