ඉන්දියානු බිත්තර ආනයනය පුළුල් කරයි

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේ කටයුතු තවත් පුළුල් කිරීමේ අරමුණින් එරට කුකුළු ගොවිපොළ පරීක්ෂා කිරීම සඳහා නියෝජිතයින් පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.

එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් සහ රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ නිලධාරියෙක් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බවය.

ඉදිරියේදී දෛනිකව බිත්තර මිලියනයක් පමණ මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර තිබෙන අතර, එම නිලධාරීන් විසින් ඉන්දියාවේ චෙන්නාහි පිහිටි කුකුළු ගොවිපොළ කිහිපයක් පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ලබන ඉරිදා දිවයිනට පැමිණීමට නියමිතය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *