ඇසළ පෙරහැර හේතුවෙන් මහනුවර පාසල්වලට දින 03ක් නිවාඩු

මහනුවර නගර මධ්‍යයේ පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යය හේතුවෙන් මහනුවර අවට පාසල්වලට දින තුනක නිවාඩුවක් ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව මහනුවර නගරයේ සිට කටුගස්තොට පාලම දක්වාත්, මහනුවර නගරයේ සිට පේරාදෙණිය පාලම දක්වාත් ගන්නෝරු හන්දිය දක්වාත්, වාවා රවුම හරහා අම්පිටිය දක්වා සහ තැන්නේකුඹුර පාලම දක්වාත් පිහිටා ඇති පාසල් සඳහා මෙම මස 28, 29 සහ 31 යන දිනයන් නිවාඩු දින වේ. මීට අමතරව දොඩම්වල රාජකීය ප්‍රාථමික විද්‍යාලය, හන්තාන සහ බෝවලවත්ත යන පාසල් සඳහා ද මෙම නිවාඩුව අදාළ වේ.

පෙරහැර නැරඹීමට මහනුවරට පැමිණෙන අතිවිශාල ජනකායක් හේතුවෙන් පාසල් සිසුන් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ක්‍රියාත්මක කෙරේ. මෙම නිවාඩු දින සෙනසුරාදා දින තුනක් පාසල් ආවරණය කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අධ්‍යාපන බලධාරීන්ට ද දැනුම් දී ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *