ඇමසන් අන්තර්ජාල වාහන අලවියට එළඹෙයි .

අන්තර්ජාල වෙළඳාමේ ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් සමාගම සිය අලවි ක්ෂේස්ත්‍රයන් වාහන අලවිය දක්වා පුළුල් කර තිබේ. ඒ අනුව 2024 වසරේ ජනවාරි මස ඇමරිකානු පාරිභෝගිකයන්ට හුන්ඩායි වාහන ඇමසන් ආයතනය ඔස්සේ අන්තර් ජාලයෙන් මිලට ගැනීමට හැකිවෙනු ඇත. හුන්ඩායි – ඇමසන් ඒකාබද්ධ නිවෙදනයක මේ බව දැක්වෙයි.

නව වැඩපිළිවෙළ යටතේ අන්තර්ජාලය හරහා ඇනවුම් කරනා හුන්ඩායි වාහන ආසන්නතම අලවි නියෝජිතයා හරහා බෙදා හැරීමට නියමිතය. පාරිභෝගිකයන්ට හුන්ඩායි මෝටර් රථ පටීක්ෂා කිරීම සහ මිල ගෙවීම ඇතුළු සේවාවන් රැසක් නව සෙවාව හරකා ලබාගැනිමට හැක්වෙන බව එම සමාගම් පවසයි.

මෙම ගිවිසුම වසර දෙකකට පෙර Amazon.com හි Hyundai හි ඩිජිටල් ප්‍රදර්ශනාගාරය පුළුල් කිරීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද ගනුදෙනුව තව දුරටත් පුළුල් කිරීමකි.

ලෝකයේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සංවිධානයක් සමඟ හවුල් වීමෙන් තම ව්‍යාපාර ජාලය වඩාත් පුළුල් කිරීමටත්, තම විකුණුම් ජාලය වර්ධනය කිරීමටත් හැකිවෙන බව හුන්ඩායි මෝටර් ප්‍රධාන විධායක නිලධාරී Jay Chang ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.