ඇමති ප්‍රසන්න සහ සරත් වීරසේකරට ඇමරිකාවේ දොර වැසේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ආයතනය විසින් ඇමෙරිකාවේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරුන්ගේ වැඩමුළුවකට සහභාගි වීමට නම්කර සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරට වීසා ලබාදීම අසීරුබව ඇමරිකාව රාජ්‍ය තාන්ත්‍රිකව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතිබව වාර්තා වේ.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට නඩුවකින් වරදකරු වීම සහ සරත් වීරසේකර මන්ත්‍රීවරයාට අදාළව යුද සමයේ ක්‍රියා කළාපයන් සම්බන්ධයෙන් ඇති චෝදනාවන් නිසා මෙම තීරණය ගත්බව බව සඳහන් වෙයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙම සංචාරයේදී ශ්‍රි ලංකා කණ්ඩායම් නායකයා ලෙසද නම් කර තිබෙන තිබුනි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *