ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ දී ඇරඹෙයි.

19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ හැංජොහි දී ඊයේ දිනයේදී ආරම්භ වූ අතර, එහි සමාරම්භක උත්සවය හැංජෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.

19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ හැංජොහි දී ඉකුත් වසරේ පැවැත්වීමට නියමිත ව තිබුණ ද කොවිඩ් වෛරසය යළි එරට ප්‍රදේශ කිහිපයක ව්‍යාප්ත වීමත් සමඟ ක්‍රීඩා උලෙළ මෙම වසරට කල්දැමීමට සංවිධායකයෝ තීරණය කළහ.

චීනය ආසියානු ක්‍රීඩා උලෙළක් සඳහා සත්කාරකත්වය ලබා දෙන තුන් වැනි අවස්ථාව මෙය වේ.

සමාරම්භක උත්සවය ක්‍රීඩා උලෙළේ ප්‍රධානතම ක්‍රීඩාංගණය වන හැංජෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේ දී පැවැත් වූ අතර, සමාප්ති උත්සවය ද ප්‍රේක්ෂකයන් 80,000කට අසුන්ගත හැකි එම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *