ආර්ථික යුක්තිය උදෙසා මන්ත්‍රීවරුන්ගේ සංසදයක් හදන්නට දයාසිරි මුල්වෙයි

ආර්ථික යුක්තිය උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයක් ආරම්භ කිරීම සඳහා
වන මූලික සාකච්චා මේවන විට සාර්ථකව නිම වී ඇතිබව වාර්තා වේ. මෙම සංසදය ආරාම්භ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ලිඛිත අවසරය සහ සහහෝගය ඉල්ලා ඇති බව වාර්ත අවේ .

ශ්‍රීලංකාවේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය විසඳීමේදී පොදු ශ්‍රීලාංකික ජනතාවට ආර්ථික හා සමාජ යුක්තිය ඉටුවිය යුතුව ඇතිබවත් ඒ සඳහා මැදිහත් වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක් පක්ෂ භේදයකින් තොරව නිර්මාණය කරගැනීම කාලීන අවශ්‍යතාව‍යක් බවත් එම ලිපියෙන් අවධාරණය කර සිටී.

එබැවින් එම සංසදය නිර්මාණය කිරීම උදෙසා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සිය ලිපිය මගින් කථා නායකගෙන් ඉල්ලා සිටී.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *