අහුන්ගල්ලේ අවුරුදු ද වෙඩි තැබීමෙන් අයෙක් මියයයි. දරුවන් දෙදෙනෙක් රෝහලේ

අහුන්ගල්ල මීද්දරමුල්ල ප්‍රදේශයේදි ඊයේ සවස් බාගයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්ත වෙයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ අහුන්ගල්ල මිද්දරමුල්ල අමරමෝලි මාවත පදිංචි එනාදු තරිඳු ධනුෂ්ක නිසංසලද සිල්වා නමැති 29 හැවිරිදි තරුණයෙකි

මියගිය පුද්ගලයා ඥාති කුඩා ළමයින් දෙදෙනකුද නංවාගෙන යතුරු පැදියෙන් යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩි තබා පලාගොස් ඇත.

වෙඩි වැදීමෙන් තුවල ලැබූ පුද්ගලයා රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බවත්,
වෙඩි ප්‍රහාරය එල්ල විමත් සමග යතුරු පැදියේ සිට බිමට වැටි ඇති අවුරුදු පහක සහ අවුරුදු එකහ මාරක කුඩා දරුවන් දෙදෙනා ද තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවත් වාර්තා වෙයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *