අවුන්සාන් සුකීන්ගේ පක්ෂය විසුරුවා හැරේ

මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීගේ නායකත්වයෙන් යුත් එරට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය විසුරුවා හැරීමට හමුදා පාලනය පියවර ගෙන තිබේන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ එම පක්ෂය විසුරුවා හරින බව මියන්මාර හමුදා පාලනය යටතේ පවතින මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇති බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය, මැතිවරණයක් සඳහා ලියාපදිංචි කිරීමේ කාලසීමාව සපුරාලීමට නොහැකි වූ මියන්මාරයේ දේශපාලන පක්ෂ 40 අතර ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියන්මාර හමුදා පාලනය විසින් දේශපාලන පක්ෂ සඳහා නව මැතිවරණ නීතියක් යටතේ ලියාපදිංචි වීමට මාස දෙකක කාලයක් ලබා දී තිබුණා. මියන්මාරයේ දේශපාලන ක්‍රියාකාරීන් පවසන්නේ හමුදාව කැඳවන මැතිවරණය නිදහස් හෝ සාධාරණ නොවන බවයි.

කෙසේවෙතත්, එවන් මැතිවරණයකට තරඟ නොකරන බව ද අවුන් සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය පවසා තිබෙනවා.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *