අරගලයට නායකත්වය දුන්නේ චතුර සේනාරත්න බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ධනීෂ් අලී කියයි

ශ්‍රී ලංකාවේ සිදුකළ පළමු අරගලය සිදුකළේ දෙදහස් පහළොවේදී බවත් රාජපක්ෂය රෙජිමය පරාජය කිරීම වෙනුවෙන් එය සිදුකළ බවත් ගාළු මුවදොර අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරික, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ධනිෂ් අලි පවසයි.

එදා 2015 දී එම අරගලයට නායකත්වයදී ජයග්‍රහණය කරා ගෙනගියේ චතුර සේනාරත්න බවත්, ඔහු සමඟ එක්ව රට බේරා ගැනීම සඳහා නව දේශපාලන ගමනක් ආරම්භ කළ බවත් ධනීෂ් අලී වැඩි දුරටත් පැවසීය .

සමාජවාදී ජාතික ව්‍යාපාරයේ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු මේ බව පැවසීය. එම සමුළුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ද එක්ව සිටියේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *