අයි.එම්.එෆ් ශ්‍රී ලංකාවෙන් එලවනවන්නට වසන්ත මුදලිගේ පොරොන්දු වෙයි

රටට ඇති ලොකුම හෙණය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බවත්, එය කිසි ලෙසකින්වත් ප්‍රාතිහාර්යක් නොවනා බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ පැන්නූ ආකාරයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද පන්නා දැමීමට තමන් කටයුතු කරනා බව ඔහු වැඩි දුරටත් පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ආණ්ඩුව ලබාගන්නේ ණය මුදලක් බවත් රටේ ණය අර්බුදයට ආණ්ඩුව විසින් යෝජනා කර ඇති උත්තරය ද ණය ගැනීම බවත් හෙතෙම පෙන්වා දෙයි.

ගිය වසරේ මාර්තු මස තිස් වෙනිදා රටේ ජනතාව පාරට බැස ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීම සඳහා අරගලය මුලින්ම ආරම්භ කළ කරන ලද බවත් එවන් ඉතිහාසයක් නැවත ඇතිවිය හැකි බවට ඔහු අනතුරු ඇඟවූයේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *