අයවැයෙන් සම්පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් යෝජනාවක්

2024 වර්ෂයට අදාල අයවැය වාර්තාව කියවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පහත අදහස් දැක්විය.

“මෙවර අයවැය මගින් සම්පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනු ඇත. ඒ සඳහා ජාතික උසස් අධ්‍යාපන සභාව, ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව සහ ජාතික නිපුණතා කොමිෂන් සභාව පිහිටුවනවා.”

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන 04ක් විශ්වවිද්‍යාල බවට පත් කිරීමට යෝජිතයි
සහනාධාර ශිෂ්‍ය ණය පහසුකම් ගෙවීමට යන පදනම මත ලබාදීමට යෝජිතය.

රාජ්‍ය විශ්වවිද්‍යාල නව යුගයට ගැළපෙන ලෙස වෙනස් කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් එම වැඩපිළිවෙළ ආරම්භ කරනවා. මීට අමතරව රජය සතු වෘත්තීය පුහුණු ආයතන පළාත් සභාවලට පැවරීමට යෝජනා කෙරේ.

2024 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *