අමෙරිකාවේ පාසලක වෙඩිතැබීමක්

අමෙරිකාවේ නැෂ්විල් හි අවුරුදු 03ත් 11ත් අතර සිසුන් අධ්‍යාපනය ලබන පෞද්ගලික ක්‍රිස්තියානි පාසලක සිදුවූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයන් 6දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඝාතනයට ලක්ව ඇති ළමුන් තිදෙනා 09 හැවිරිදි වියේ පසුවූ සිසුවියන් බවට හඳුනාගෙන තිබේ.

වෙඩිතැබීම කාන්තාවක් විසින් සිදුකර ඇති අතර පොලීසිය විසින් ඇයව ද වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

28 හැවිරිදි සැකකාරිය එම පාසලේම ආදි ශිෂ්‍යාවක බවට සැකකරන බව එරට පොලීසිය පවසයි.

2023 වසර තුළ ඇමරිකාවේ සිදු වූ 129 වන සමූහ වෙඩි තැබීම මෙම බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *