අමෙරිකාවෙන් ඉන්දියානුවන්ට සහනයක් ලඟදීම

ඉන්දියානුවන්ට අමෙරිකාවට පැමිණ සේවය කිරීමට සහ එහි පදිංචිවීමට ඇති බාධක ඉවත්කර එය පහසුකිරීමට බයිඩන් පාලනය තීරණය කර ඇති බව වාර්තා වෙය

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ අමෙරිකා සංචාරයට සාපේක්ෂව ඒ සම්බන්ධයෙන් පියවර ගෙන ඇති අතර, එමගින් සමහර ඉන්දීය සේවකයින්ට ස්ථීරව අමෙරිකාවේ පදිංචිවීමට අවස්ථාව හිමිවෙයි.

ඒ සම්බන්ධ නිවේදනය අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අද (22) නිකුත් කිරීමට නියමිතය.

ඒ අනුව H-1B වීසා මත එරටට පැමිණ සිටින ඉන්දීය සහ අනෙකුත් ජාතිකයින්ට සිය රටවලට නොගොස් අමෙරිකාවේ සිටියදීම වීසා අලුත්කර ගැනීමට අවස්ථාව ලැබෙන අතර ඊට අදාළ නියමු ව්‍යාපෘතිය නුදුරේදීම ආරම්භ කිරීමට අපේක්ෂිතය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *