අපරාධ රැසක සැකකරුවෙක් STF වෙඩි කා නසී

ඇඹිලිපිටිය, පනාමුර, වැලිකඩයායා ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු මියගොස් තිබේ.
වෙඩිතැබීම් රැසක් සම්බන්ධයෙන් අවශ්‍යවකර සිටි සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) අලුයම සිදුකළ මෙහෙයුමකදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.
22 හැවිරිදි හිටපු හමුදා සෙබළෙක් වන මෙම සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඊට එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ සැකකරු මියගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.
පසුගියදා අම්බලන්ගොඩ ප්‍රසිද්ධ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට සිදුකළ වෙඩිතැබීමට සහ මිනුවන්ගොඩ බැස්ටියන් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමට මෙම සැකකරු සම්බන්ධ බව වාර්තාවේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *