අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා වත්මන් ව්‍ය්වස්ථාවේ ඇති බාධව ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව වාර්තා වේ. එම සංශෝදනය සම්මත වීමෙන් පසු වත්මන් ජනපතිවරයාට කඩිනමින් ජනාධිපතිවරණයක් කැඳවිය හැකිවනු ඇති බව දේශපාලන අරංචි මාර්ග පවසයි.
දැනට පවතින නීති අනුව මහජන ඡන්දෙයෙන් පත්වන ජනාධිපතිවරයෙකුට සිය ධුර කාලයෙන් වසර හතරක් සම්පූර්ණ කිරීමෙන් පසුව ජනාධිපතිවරණයක් කැඳවිය හැකිමුත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට එම නීතිමය අවසරය හිමි නොවෙයි.
එනිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතිරි ධූර කාලය සම්පූර්ණ කරන ජනාධිපතිට රනිල් වික්‍රමසිංහට වසර හතරකින් ජනාධිපතිවරණය කැඳවීමට හැකිවන ලෙද ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට නියමිත බවත්, ඊට විපක්ෂයේ සහය හිමිවන බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි