අන්තරේ කැඳවුම්කරු පත්කරගෙන ඇත්තේ රනිල් ජනධිපති කරා වගේ කුමන්ත්‍රණයකින්. (Video)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස මධුෂාන් චන්ද්‍රජිත් මෙවර තෝරාගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී නිළවරණයකින් නොවනා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පැවසීය.

මෙවර අන්තර් විශ්වවිද්‍යාලීය කැඳවුම්කරු තෝරාගෙන ඇත්තේ සියලුම විද්‍යාල සම්බන්ධ වීමකින් තොරව බවත්, මධුෂාන් චන්ද්‍රජිත් අන්තරේ කැඳවුම්කරුවීම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් බවත් ඔහු පැවසීය. එය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට සමාන බව ඔහු අවධාරණය කළේය.

මේ ආකාරයේ කටයුතු කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරයට මෙන්ම ඒ සම්බන්ධයෙන් මහජනයා තුළ විශ්වාසය ද බරපතළ ගැටලුවක් ඇති කරන බවද හෙතෙම කියා සිටියේය.

එම මණ්ඩලයේ කැඳවුම්කරු තෝරා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ බවත් ඒ සඳහා නිලවරණ පැවැත්වූ ස්ථානය අවසන් මොහොතේ වෙනස් කරන ලද බවත් හෙතෙම කියා සිටියේය. මාධ්‍ය සාකච්චාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසූවේය. එම වීඩියෝව පහතින් නරඹන්න

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *