අන්තර්ජාලයෙන් පාස්පෝට් හදන්න දින 9ට අයදුම්පත් 9000කට අධිකව ලැබෙයි

විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීම සඳහා ඉකුත් දින 9ක කාලය තුළ 9000 කට වැඩි පිරිසක් අයදුම් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසයි.

අයදුම්කරු නම ලියාපදිංචි කිරීම් සඳහා, නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51න් ඕනෑම ස්ථානයකට පැමිණීම අවශ්‍ය බව පෙන්වා දී ඇති අතර අන්තර්ජාලය හරහා හෝ ලංකා බැංකුවේ ශාඛාවකට පැමිණීමෙන් අදාළ ගෙවීම් සිදු කළ හැකි බවත් වාර්තා වේ.

මාර්ගගත යෙදුම හරහා හදිසි සේවාව සඳහා රුපියල් 15,000ක් වැය වන අතර, එහිදී විදේශ ගමන් බලපත්‍රය දින 03ක් ඇතුළත කුරියර් කරනු ලබයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *