අනතුරට පත් යාත්‍රවේ සිටි ධීවරයන් හයදෙනෙක් නාවික හමුදාව බේරාගනී

බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ දී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හයදෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අනතුරට පත් මෙම යාත්‍රාව තුළට ජලය කාන්දු වීම නිසා එය මුහුදේ ගිලෙමින් පවතින බව යාත්‍රාවේ හිමිකරු නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට දැනුම් දී ඇත. වහා ක්‍රියාත්මක වූ නාවික නිළධාරීන් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 208 යාත්‍රාව අනතුරට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමුකර මෙම පිරිස ගලවා ගැනීමට සමත්ව ඇත.

මෙම යාත්‍රාව පසුගිය 12 දා මීගමුව ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති අතර, ඊයේ (13) අලුයම් කාලයේ දී බේරුවල මුහුදු සීමාව ආසන්නයේදී එම යාත්‍රාව අනතුරට ලක්ව තිබුණා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *