අද මධ්‍යම රාත්‍රියෙ සිට පළාත් පාලන ආයතන 340 ක් විසුරවා හැරේ.

ප්‍රමාද වී පිහිටවූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර සෙසු පළත් පාලන ආයතන 340 නිළ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය.

ඒ අනුව දිවයිනේ මහ නගර සභා 29 හි බලය නාගරික කොමසාරිස්වරුන්ට ද, නගර සභා 36හි සහ ප්‍රාදේශීය සභා 275හි බලය එම ආයතනවල ලේකම්වරුන්ට ද පැවරීමට නියමිතය.

සියළු පළාත් පාලන ආයතනවල නිළ කාලය පසුගිය මාර්තු මාසයේ අවසන් වුවද එවකට රටේ පැවති තත්ත්වය සළකකා බලා පලාත් පාලන ඇමතිවරයා විසින් එම ආයතන සියල්ලේම කාලය වසරකින් දීර්ග කරනා ලදි .

මැතිවරණයක් පවත්වා නව සභිකයන් තෝරා පත්කර ගැනීම මෙම මස 9 වනදාට යෙදී තිබුනමුත් අපේක්ෂා කළපරිදි පසුගිය 9 වෙනිදා පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි විය. එම නිසා මේ ආකාරයෙන් පළාත් පාලන් ආයතන කොමසාරිස් වරුන්ගේ සහ ලේකම් වරුන්ගේ පාලනයට යටත් කරන්නට සිදු විය. ශ්‍රී ලංකවේ මුලු පළාත් පාලන ආයතන සංඛ්‍යාව 341 කි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *