අගමැති වෙනස් කරන්නෙත් නැහැ – ප්‍රසන්න රණතුංග

අගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, අගමැති ධූරය වෙනස් කිරීමේ සුදානමක් ඇති බවට පැතිර යන කතාව අසත්‍ය බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙය විපක්ෂය විසින් ගොතනු ලැබු කතාවක් පමණක් බවයි.

පොහොට්ටුවේ කිසිදු බෙදීමක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයද සාවද්‍ය බවත් පෙන්වා දුන් ඇමතිවරයා, අවශ්‍ය මොහොතේදී පොහොට්ටුව රට වෙනුවෙන් ගත යුතු තීන්දුව ගන්නා බවද අවධාරණය කළේය.

දැනට අගමැතිවරයෙක් සිටින නිසා අලුත් අගමැතිවරයෙක් පත් කිරීමේ අදහසක් නැතැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පවසා ඇතැයිද ඔහු කීවේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අපිට අගමැති කෙනෙක් ඉන්නවා. එහෙම කරන්න අදහසක් නැහැ කියලා. ඊළගට සජිත් ප්‍රේමදාසව ඒ සදහා පත් කරනවා කියනවා. තව තව අයට ඒ සදහා යෝජනා කරලා තිබුණා. මේ හැම එකක්ම විපක්ෂය විසින් ගොතන කතා. පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන්න බහුතරය දැන් එකතු වෙලා තියෙනවා. ඔවුන්ට එය ගැටළුවක්. ඉතින් විපක්ෂයට අවශ්‍ය වන්නේ ආණ්ඩුවේ බහුතරය කඩලා ආණ්ඩුවට අභියෝග කිරීමටයි. නමුත් අපේ මන්ත්‍රීවරුන් ඊට රැවටෙන්නේ නැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *