අඛණ්ඩ වැඩ වර්ජනයකට අපෙන් සහය නෑ. ලාල් කාන්ත කියයි

15 වැනිදා සිදු කරන වැඩ වර්ජනයට සම්පූර්ණ සහයෝගය ලබාදෙන මුත් අඛණ්ඩ වැඩ වර්ජනයක් පැවැත්වීමට මේ මොහොතේදී තමන් එකඟ නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පරිපාලන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කළේය.

15 වැනි දා ගන්නා ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් පාලකයන්ගේ ප්‍රතිචාර මැන බලා ඉන් අනතුරු වත්තීය ක්‍රියාමාර්ග ගැනීම වඩා සුදුසු බවත්, සෞඛ්‍ය සේවයේ අඛණ්ඩ වැඩ වර්ජනයකට තම පක්ෂයේ කෙසේවත් කැමති නැති බව ද හෙතෙම කියා සිටියේය.

එමගින් ජනතාව සහ වර්ජකයන් ගැටෙන තැනකට තල්ලු කිරීමට පාලකයන්ට ඉඩක් ලැබෙන බව ඔහු වැඩි දුරටත් පැවසීය.

වැඩ වර්ජනයක නිරත වෘත්තිය සමිති එකමුතුව විසින් කොළඹදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක දී ඔහු මේ බව පැවසීය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *