”අපි කවුරුද” ඇතුළු ගීත 7ක් ගායනා කිරීම සේනක බටගොඩට තවදුරටත් තහනම්

කොළඹ වාණිජ මහාධිකරණය විසින් සේනක බටගොඩ මහතාට එරෙහිව ගීත 7ක් ගායනා කිරිම වාරණය කරමින් නිකුත් කර තිබු වාරණ නියෝගයට අදාළ නඩුව ඊයේ (18) කැඳවීමෙන් අනතුරුව නැවතත් එළැඹෙන අගෝස්තු මස 23වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා.

ගරු අධිකරණය විසින් වාරණය කරන ලද ගීත අතරට “අපි කවුරැද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීන වලට පණක් තියෙනවා, හොඳම දේ සහ සැනසෙන්නම් මා” යන ගීත ඇතුළත් වනවා.

එකී ගීතවල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ ජනත් කුලතිලක මහතා විසින් මෙම නඩුව සේනක බටගොඩ යන අයට එරෙහිව ගොනු කරමින් වාරණ ආඥාවක් ලබා ගත්තා.

නැවත මෙම නඩුව එළැඹෙන අගෝස්තු මස 23වන දින කැඳවීමට වාණිජ මහාධිකරණය ඊයේ නියෝග කළා.

පැමිණිලිකරු වෙනුවෙන් නීතීඥ තිලිණි හේවාවිතාරණ මහත්මියගේ උපදෙස් මත නීතිඥ සදුන් සේනාධිපති මහතා පෙනි සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!