ගමනාගමනයට බාධාකාරී ලෙස පසුගිය ඉරිදා (ජන. 2) සවස මීගොඩ පොලිස් වසමේ හංවැල්ල 219 බස් මාර්ගයේ ධාවනය කළ රථ පෙළපාළිය පිළිබඳව පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මීගොඩ පොලිස් වසමේ හංවැල්ල 219 බස් මාර්ගයේ පෙරේදා පස්වරු 6:45ට පමණ මෙම රථ පෙළ එක දිගට ධාවනය වී තිබුණේ අධික ශබ්දයෙන් සයිරන් නළා හඬද හඬවමිනි.
ප්‍රධාන පහන් දල්වමින් මාර්ගය අරක් ගනිමින් මීගොඩ සිට හංවැල්ල දෙසට මෙම රථ ධාවනය වූ අවස්ථාවේ විරුද්ධ දිශාවේ සිට පැමිණි වාහනවලට ඉදිරියට ධාවනය කිරීමට අපහසු විය.
සන්දර්ශනාත්මකව ප්‍රභූ රථ ධාවනය රාජ්‍ය ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රතික්ෂේප කළ පසුබිමක මෙසේ වාහන ධාවනය කළේ කවුරුන්ද යන්න සමාජ මාධ්‍ය පරිශීලකයෝ ප්‍රශ්න කළහ.
මේ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.