2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වනවා.
එහි පළමු අදියර අද සිට මාර්තු මස 14 වෙනිදා දක්වා ද පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල් 01 සිට 11 වෙනිදා දක්වා ද තෙවැනි අදියර අප්‍රේල් 21 වෙනිදා සිට මැයි 09 වෙනිදා දක්වාද පැවැත්වෙනවා.