වවුනියාවේ සංවිධානය කර තිබූ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතගේ ප්රචාරක රැස්වීමකදී බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි ආගමික නායකයන් නොසලකා හැර ඇති බවට මතබේදයක් මතුව ඇති බව වාර්තා වනවා.
එක්සත් ජනතා සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්රචාරක රැස්වීමක් ඊයේ (03) වවුනියාව යංග්ස්රාර් ක්‍රීඩා පිටියේදී පවත්වා තිබෙනවා.
රැස්වීමේ ප්‍රධාන වේදිකාවේ ආගමික නායකයන්ද අසුන් ගෙන සිට තිබෙනවා.
එම ජනහමුවට කුල තුනක සහ ආගම් හතරකට අයත් පිරිස් සහභාගි වුවත් බෞද්ධ, හින්දු සහ ක්‍රිස්තියානි යන ආගම්වල පූජකවරුන්ට ආරාධනා කර නොතිබූ බව සඳහන් වනවා.
ඔවුන් කිසිවෙක් ප්‍රධාන වේදිකාවේ දක්නට ලැබී නැහැ.
ඉස්ලාම් ආගමේ මවුලවිවරුන් 6 දෙනෙකුට ආරාධනා කර ඇති අතර ඔවුන් ආගමික නායකයින් අසුන්ගෙන සිටි ස්ථානයේ සිටි අතර එක් මවුලවිවරයෙකු කතා කරමින් සිටියා.
නමුත් වෙනත් ආගමික නායකයින්ට ආරාධනා නොකිරීම ගැන වෙනත් ආගම්වලට අයත් අය කනස්සල්ල පළ කර තිබෙනවා.