කවුරු අධිකරණයට ගියත් ජනපතිවරණය පළමුවෙන් -ජනපති

පළාත් සභා මැතිවරණය පැවැත්වීම අවශ්‍ය වුවත් මෙම වසරේ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කවර පුද්ගලයෙකු අධිකරණය වෙත ගියද මෙම වසරේ ජනාධිපතිවරණය පවත්වන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

කෙසේවෙතත් පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය යටතේ පැවැත්වීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

අභාවප්‍රාප්ත හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඊයේ (07) පැවති අතර එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!